මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමා විසින් බවට ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් බව කියන හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මේ වන විට ගොඩ ගෙන තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව  ගොඩ ගැණුනු සිරුර කෑගල්ල මහරෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මිහිදන් කර තිබුණේ කෑගල්ල පුවක්දෙණිය පොදු සුසාන භූමියේයි. දිවි නසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරියාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණේ නැහැ.

එම නිසා ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහා සිරුර ගොඩගත් බවයි වාර්තා වන්නේ.02-5 03-4 10-2 11-3 12-4

 

LEAVE A REPLY