හමුදා කුමන්ත්‍රණයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය බලා සිටියද එය ඵලකට නොවන ක්‍රියවක් බවත්, එවැනි දෙයක් කිසිවිටක් සිදු නොවන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සි‍ටියේ ඒ මහතාගේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

හිටපු ඇමති දිනේෂ් ගුණවර්ධන කියලා තියෙනවා හමුදා කුමන්ත්‍රණයක් එන්න ඉඩ තියෙනවා කියලා.මේක අද ඊයේ පටන් ගත්ත එකක් නෙවේ. 2015 ජනවාරි අට වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පත්වෙච්ච දවසෙත් මේ සම්බන්ධයෙන් කසුකුසුවක් තිබ්බා. මොගොල්ලෝ උත්සහයක් දැරුවා. හැබැයි අපේ රණවිරුවෝ අපේ ඒ ගැටේට අහුවුනේනෑ. මේගොල්ලෝ බැලුවා රණවිරුවෝ ලවා බැසිල් රාජපක්ෂ මහත්තයගේ සරම අන්දන්න, එතුමගේ නෝනගේ කොණ්ඩෙ කට්ට ගහන්න, ඒ වගේම සමහර මැතිඅමැතිලගේ ගෙවල්වල වාහන හෝදන්න, ඒ අයගේ යම් යම් වැඩකටයුතු සඳහා රණවිරුවෝ යොදා ගත්ත එක රහසක් නෙවේ. සමහර වෙලා වලදී බැසිල් රාජපක්ෂ මහත්තයගේ ළමයි දෙන්නා බලා ගන්නත් රණවිරුවො යොදා ගත්තා. ඉතින් එහෙම තත්වයක් තිබිච්ච එකේ දිනේෂ් ගුණවර්ධනගේ අළුත් යෝජනාවක් නෙවේ.

ඒගොල්ලෝ බලනවා ජනතා ඡන්දයෙන් ආපු මතය වෙනස් කරලා හමුදාව යොදවලා හරි මේක බලය ලබා ගැනීමේ උත්සහය එයාලට තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මැතිවරණයකට ගිහිල්ලා මේක කරන්න බෑ කියලා. හැබැයි මං එකක් පකියනවා මේ රටේ රණවිරුවෝ ඒකට ලෑස්ති නෑ. ඒ අය බොහොම ගෞරවාන්විතව තමන්ගේ සේවාව කරන්න ලෑස්ති. දේශපාලඥයන්ට කඩේ යන්න ඒ වගේම ඔය ඒකාබද්ධ කල්ලියට ඕන විධියට ඒ රණවිරුවන්ව හසුරවන්න ලෑස්ති නෑ කියන එක වි‍ශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ නිසා ප්‍රජාත්‍රවාදය  රාමය අතුලේ යමි යම් දේවල් කරනවා ඇරේන්න වෙනත් කුමන්තරන වලින් කෙටිමාර්ග වලින් ආපහු සැරයක් ඒකාබද්ධයට බලය ලබාගැනිමට හැකියාවක් නැ කියනඑක දැන් මුළු රටම දන්නවා.

පැහැදිලිවම  ආරක්ෂක අංශ ඒ තත්වයට වැටිලා නැ. අපි දැක්කා සමහර අය යුධ හමුදාවේ ඉන්න ආබාධිත පුද්ගලයෝ ඉස්සරහට දාලා යුධ හමුදාවේ වියපත් වෙචිච නැත්තමි යුධදේදි මියගියපු රණවිරුවන්ගේ බිරින්දැවරු ඉදිරියට දාලා රටතුල විවිධ මතයක් ගොඩනගන්න උත්සහ කලා. හැබැයි දැන් අතිගරු ජනාධිපතිතුමා ඒ සියළු සහන ලබාදිලා තියේනවා. මං හිතන්නැ ඒ අය ඒ තත්වෙට වැටෙයි කියලා.

පහුගිය කාලේ විවිධ ආගමි අතර සමහර අන්තවාදී කොටස් අත්අඩංගුවට ගැනිමි සිදුකරා .ඒ දවස් වල අපි දැක්කා මුස්ලිම් අන්තවාදීන්ගේ යම් යම් හැසිරීම් ඒ වගේම අන්තවාදී බෞද්ධ කණ්ඩායම් වල හැසීරීම්නුත් සමහර තැන් වල දේශපාලන වුවමනාවට ක්‍රියාත්මක වෙනවා. හැබැයි පැහැදිලිවම කියලා තියෙනවා මොනම අන්තවාදියෙකුටවත් බෞද්ධද, මුසලිම්ද, කතොලිකද, දෙමළද කියලා වෙනසක් නෑ අන්තවාදී විධියට මේ රටේ සමගිය නැති කරන්න, රට බේද බින්න කරන්න යම් කණ්ඩායමක් සැරසෙනවා නම් ඒ අයට රටේ නිතීය අනුව දෙන්න පුළුවන් ඉහළම දඩුවම දෙන්න රජය මැලි වෙන්නේ නෑ කියන එක මතක් කරන්න ඕන. විශේෂයෙන් රටේ ඉන්න ඒකාබද්ධ කණ්ඩායමේ සමහර අයගේ ඕනෑ එපාකම් ඉෂ්ඨ කරගන්න, වෙනත් කෙටි මාර්ග වලින් බලයට එන්න රට තුළ බියක් ඇති කරලා ඒ තුලින් රට තුළ ජාතීවාදී විවසනයක් ඇති කරන්න උත්සහ ගන්නවා.

විමල් වීරවංශ මහත්තයා මාධ්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා එතුමගේ නිවසේ සිටි තරණයගේ මිනි මැරුම අල්ලාගෙන එතුමට මඩ ගහනවා කියලා මම දැක්කා.මේක රටම දන්න කාරණයක්නේ. විමල් වීරවංශ මහත්තයගේ ගෙදරදී තරණයෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ ගැන දැනටම අධිකරණ ක්‍රියාමාර්ගත් ඒ වගේම පොලීසියත් පරීක්ෂණ පවත්වනවා. හැබැයි මේක අල්ලගෙන ඒක පාදකයක් හැටියට ගෙන ඒ තුලින් කෙනෙක්ට අපහාස හා නින්දා කරන්න තරම් අපි බංකොලොත් නෑ.

ශ්‍රී.ලං.නි.ප. මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාගේ කෙනෙක් හරි එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ගේ හරි ආණ්ඩුවේ වෙනත් මැති ඇමති කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඇති වුණා නම් මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයා රෙදි භාගයක් ගලවගෙන තමයි මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ. මොකද අපි දැක්කනේ චමිපික රණවක ඇමතිතුමා අතින් යතුරු පැදියක් හැප්පුනා කියලා ඒ වෙනුවෙන් අපි දැක්කා මේගොල්ලෝ මොනතරම් විදියට එතුමට අපහාස නින්දා කරන්න උත්සහ කරාද කියලා. ඒක නිසා මම කියන්නේ මේකට නීතියානුකුලව අවශ්‍ය කටයුතු කෙරෙයි. ඒ අනුව දේශපාලන වශයෙන් අපේ පක්ෂ වලවත් ආණ්ඩුව හැටියටවත් අපි කවුරුවත් මැදිහත් වෙන්නේ නෑ. නීතියානුකුලව කෙරෙන කටයුත්තක් කෙරේ. හැබැයි විමල් වීරවංශ මහත්තයටත් මේවා හොඳ පාඩම් මොකද වීඳුරු ගෙවල් වල ඉදලා කවුරුත් ගල් ගහන්න හොඳ නෑ කියන එක දැන්වත් අවබෝධ වෙන එක මං හිතන්නේ රටේ ඉදිරි පැවැත්මට හොඳයි කියන එක තමයි මතක් කරන්නේ.

දැන් පොදු ජන පෙරමුණේ පළමු සාමජිකත්වය ගත්තා බැසිල් රාජපක්ෂ මහත්තයා. ඒකේ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහත්තයා ගේනවා කියනවා.මේක කරන්නේ පොදු ජන පෙරමුණේ කට්ටිය පක්ෂේ ඉස්සරහට ගේන කොට මේගොල්ලෝ හරියට නිකන් නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක් කරන්නේ මේ. මේගොල්ලෝ කියනවා පොහොට්ටුව පක්ෂේට යන්නේ නෑ. හැබැයි නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ අය වක්‍රනුකුලව කරනනේ ශ්‍රී.ලං.නි.ප. කැඩීමක්නේ මේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒගොල්ලෝ පොහොට්ටු, නොට්ටු මොනා දැම්මත් හරියන්නේ නෑ මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා ගිය තැන හැදි ගෑවෙනවා. හරියට නිකන් හතර කේන්දරේ පාළු වෙච්ච මිනිහට ඉස්සෙල්ලා ටිකට් එක දුන්නා වගේ තමයි. මොකද එතුමා යන යන තැන ප්‍රශ්න ඇති වෙනවා. එතුමා ඇවිල්ලානේ පහුගිය කාලේ ශ්‍රී.ලං.නි.ප. මත බෙදුම් ඇති වෙලා අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙන්නත් එතුමා ගත්ත යම් යම් ක්‍රියාමාර්ගත් හේතු වුනානේ.

ඒ වගේම තමයි අදටත් ශ්‍රී.ලං.නි.ප. ඒකාබද්ධ කණ්ඩායමේ ඒ අය අතර ලොකු මත බේදයක් තියෙනවා. මොකද බැසිල් රාජපක්ෂ මේකට නායකත්වය දෙන්න වක්‍රාකාරයෙන් උදව් කරන එක ගැන. ඉතින් ඒක නිසා මං හිතන්නෑ මේ පක්ෂේට එච්චර කල් යන්න පුළුවන් වෙයි කියලා. ඔය පොහොට්ටු නොහොට්ටු දැම්මයි කියලා රටේ ජනතාව මේකට ලෑස්ති නෑ ඉදිරිපත් වෙන්න. මොකද ශ්‍රී.ලං.නි.ප. කණ්ඩායම් නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා ගිය සැරේ පාර්ලිමේන්තු මැතිවරනේට ඉදිරිපත් වෙලත් එතුමා පැරදුනා. ජනාධිපතිවරයා හැටියට එතුමා බලයට එන්න උත්සහ කරේ සියළුම බලය අතේ තියාගෙන. රාජ්‍ය තන්ත්‍රණය සම්පුර්ණයෙන් අතේ තියාගෙන ඒ වගේම හමුදාව, පොලීසීය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ඇතුළුව ප්‍රාදේශීය සභා වලින් 85% බලයක් ඇතුව පළාත් සභා නවයෙන් අටක බලය ඇතුව තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්දෙට ගියේ. ඉතින් එච්චර බලයක් තියාගෙනත් එතුමා මේ මැතිවරණ දෙකකින් පැරදුනානේ. අළුතෙන් පොහොට්ටු දැම්මා කියලා ඕක පිපෙනකන් තව කොච්චර කල් ඉන්නද? හැබැයි මේක පිපෙන පොහොට්ටුවක් නෙවේ. ඒක නිසා මේගොල්ලන්ට පොහොට්ටුවෙන්ම හැමදාම ඉන්න වෙන එක තමා වෙන්නේ. ඒ ගැන කලබලවිය යුතු දෙයක් නැ බැසිල් රාජපක්ෂ ගියපු තැන ලප් තැනම ලොප් තමයි.

LEAVE A REPLY