භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගෙ ඝාතන සිද්ධියට වැරදිකරු වී මරණ දණ්ඩණය නියමවිමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට ඇතුලත් කල දුමින්ද සිල්වා පසුගියදා උණ රෝගය සෑදී බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියා.

මරණ දණ්ඩනය ලබා සිටින දුමින්ද සිල්වා මහතා  බන්ධනාගාර රෝහලේ සිට  අද දිනයේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මාරු කර යැවීමට නිතිමේය කටයුතු සුදානම් කරමින් සිටි.

මෙය ඉතිහාසයේ පළමු වතාවට මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුවෙක් අර්ද පෞද්ගලිකව රෝහලකට මාරු කර යවන අවස්ථාවයි.

තවද මෙහි බර පතලම තත්වය නම් ජයවර්ධනපුර රෝහලට යවා දුමින්ද සිල්වා බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය වරයා වන දොස්තර ලක්ෂ්මන් ජයමාන්නගෙන් ලැබෙන වෛද්‍ය වාර්තාව අනුව බන්ධනාගාර කොමසාරිස් නිශාන්ත ධනසිංහ විසින් දුමින්දව සිංගප්පූරුවේ රෝහලට ප්‍රතිකාර ගැනුඉම සඳහා පිටත්ව යාමට අනුමැතිය ලබාදීමට නියමිතය.

මෙම වාර්තාවේ නියමයන් වල කියවෙන්නේ දුමින්ද සිල්වාට එල්ලවූ වෙඩිපහරින් ඔහුගේ මොලයට හානි වී ඇති අතර නිතර කලාන්ත තත්වයක් ඇතිවන නිසා මෙයට ප්‍රතිකාර කිරීමට සිංගප්පූරුවට යැවීමට නිර්දේශ කරන බවයි.

මෙහි ඇති විශේෂත්වය මෙම බන්ධනාගාර වෛද්‍යවරයා මෙම වාර්තාව සකසන්නේ නැත. දුමින්ද සිල්වාගේ වෛද්‍යවරයා වන දොස්තර මහේෂිකා විජේරත්න විසින් සකසා දෙන වාර්තාව ඉදිරිපත් කරීම පමණයි. නීතියේ තිබෙන විවිද වගන්ති අනුව දුමින්ද සිල්වාහට ප්‍රතිකාර ගැනීමට රෝහලකට යවීමට නීතිමය ප්‍රතිපාදන ඇති බව ඔහුගේ නීතිවේදීයින් පෙන්වාදී ඇත එය ඔහුගේ මානව හිමිකම් අයිතියක් ලෙසයි.

දුමින්ද සිංගප්පූරුවට යැවෙන ගණුදෙනුව සඳහා කෝටි 268 කට වඩා වැඩි මුදලක් වියදම් කර ඇතිබව වාර්තා වේ. මෙය සිදුවුවහොත් මරණ දණ්ඩනය සඳහා නියමවූ සිරකරු වෙක් රෝහලක ගෙවන රෝහලකට ඇතුලත් කරන පළමු අවස්ථාව හා ලෝක ඉතිහාසයේ පළමු වරට අච්චු කල සිරකරුවෙක් විදේශ රටක ප්‍රතිකාර සඳාහා යැවූ පළමු අවස්ථාව යි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් මේ සිදුවීම පිටුපස සිටින බව වාර්තාවේ. මෙම සිදුවීම පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම අවසනාවන්ත සිදුවීම සිදුවීමට ඉඩනොතබන මෙන අදාළ පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටින්නෙමු. කෙස්නමුදු දුමින්ද සිල්වාගේ වෛද්‍යවරුන් සදහන් කලේ ඔහුගේ සමබරතාවය මෙන්ම දරුණු හිසරදයක් සහ ක්ලාන්ත තත්වයක් ඔහුතුල තිබන බවයි.

මේ අතර බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාව දැනට ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර රෝහලින් ජයවර්ධනපුර රෝහලට මාරු කිරීමට සුදානමක් පවතින බවයි.

 

LEAVE A REPLY