හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීම සඳහා 2010 වසරේදී නෙලදර්ලන්තයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ප්‍රදානය කළ රුපියල් එක්‌කෝටි අනූපන් ලක්‌ෂයක්‌ වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්‌ සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන රුපියල් දශලක්‌ෂ හැත්තෑතුන් දහසක මුදලක්‌ අවභාවිතය කිරීම ඇතුළු චෝදනා හතරක්‌ යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ 07 දා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය යටතේ නඩු පවරනු ලැබීය.

සැකකාර රාජ්‍ය ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට ලබන 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ 07 දා නියෝග කළේය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ භාර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සැකකාර අබ්දුල් හමීඩ් මොහොමඩ් Faවුසි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ සිත්ති මරිනා මොහොමඩ් මහත්මියට බලපෑම් කොට මෙම ජීප් රථය ලබාගෙන පෞද්ගලික පරිහරණය සඳහා හා ව්‍යාපෘති අරමුණුවලින් බැහැර කටයුතු සඳහා යොදාගෙන ඇතැයි චෝදනා නගා තිබිණි. 2010 නොවැම්බර් 14 හා 2015 ජනවාරි 20 කාලය තුළදී කේ. අයි. 4666 දරන එකී ප්‍රාඩෝ ජීප් රථය අවභාවිතය කිරීමෙන් රජයට රුපියල් දශ ලක්‌ෂ 73න් දහසක මුදලක පාඩුවක්‌ සිදුවී ඇතැයි ද අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ.ඡේ. ඒ. අබේනායක

LEAVE A REPLY