පසුගිය කාලසීමාව තුල ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලාංකික දේශපාලනය තුල විවිධ අදහස් උදහස් පළවුනා. මෙහිදී සමහර අය පැවසුවේ ශ්‍රී ලංකා U N P හවුල් ආණ්ඩුව අවසන් බවත් ආණ්ඩුව දෙකඩ වීම අද හෙටම වන බවත්ය. තවත් සමහර පුද්ගලයන් තම අවලංගු වෙමින් යන දේශපාලන ජීවිතය නැවතත් පණ ගසා ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමාගේ කතාව තුරුම්පුවක් කර ගැනීමටද උත්සාහ ගත්තේ තම හිතවත් මාධ්‍ය හෙන්චයියන්ගේද අනුග්‍රහය ඇතිවය.

මෙසේ ජනපතිතුමන්ගේ කතාවට විවිධ ප්‍රතිචාර දෙමින් බොර දියේ මාළු බාන දේශපාලන අනාථයන්ට හා අනෙකුත් පුද්ගලයන්ට එම කථාවේ අන්තර්ගත හරය සහ එම කතාවට පසුබිම් වූ දේශපාලන කරුණු කාරනා පිළිබඳව අද පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉතා පැහැදිලි අර්ථ කතනයක් ඉදිරිපත් කළා.

එතුමා තවදුරටත් පැවසුයේ ජනමාධ්‍ය ජනපතිතුමාගේ සම්පුර්ණ කතාවේ හරය වාර්තා නොකිරීම හා එක් එක් දේශපාලන න්‍යායපත්‍ර වලට අනුව මෙම කතාව භාවිතා කිරීම මෙවැනි තත්වයක් ඇති වීමට හේතු වූ බවයි.

යහපාලනය කරා යන ගමනේදී මෙවැනි දුෂ්කර හා අසීරු අවස්ථා ඇති වන බවත් ඒවා මගහැරගෙන මෙම ආණ්ඩුව තම ස්ථාවරත්වය රඳවාගෙන යහපාලනය මේ රට තුල උදා කිරීමට පියවර ගන්නා බවද එතුමා කියා සිටියා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පලකල සම්පූර්ණ කථාව පහතින්,

“ඔබතුමාලා දැනටත් කියනවා අන්තර්ජාලයේ ගිහිල්ලා බලන්න මොකක්ද කරපු කතාව කියලා. ඒක සමහර මාධ්‍යවල අරං එඩිට් කරලා දාපු එක. අනිත් ඔක්කොම වාර්තා ටික ඒ විදිහටම දැම්මා. ඊයේ ජනාධිපතිවරා ඇමති මණ්ඩලය ගෙනල්ලා මේ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කරා. එතුමා විනාඩි 45ක් කතා කරා. හැබැයි එතුමාගේ කතාව මේ වනතුරු කව්රුවත්ම කියවලා නැහැ කියලා. මේකේ සාමාන්‍ය මාධ්‍ය නෙවෙයි, රාජ්‍ය මාධ්‍ය වත් හරියට වාර්තා කරලා නැහැ කියලා කිව්වා. එතුමා කතා කරේ මුලික කරුණු 3ක් ගැන.
එක තමයි මේ රජය පිපිරෙයි කියලා. මේ රජය නම් පිපිරෙන්නේ නැහැ, ඔය කියන කට්ටිය නම් පිපිරෙයි කියලා.

දෙක තමයි, මේ පැරදිලා වත් තාම බලය ගැන සිහින දකිනවා, මේ අය නිවන් දකින්තාක්ම මේ බලය පිලිබඳ සිහින දැකගෙන තමයි ඉන්න වෙන්නේ.

තුන්වෙනි එක තමයි, ආරක්ෂක ලේකම් ඇතුළු නාවික හමුදාපතිවරු තුන්දෙන්ක් ගෙනිච්චා උසාවියට. ඒක එතුමා පැහැදිලිව කතා කරා නේ. ඊට පස්සේ කතා කරේ නාවික හමුදා පතිවරු තුන්දෙනා ගැන විතරයි. ඒ කතාව හරියට කියවන්න. හිටපු ආරක්ෂක ලේකම් සහ නාවික හමුදාපතිවරු 3 දෙනාවත් අදිකරණයට ගෙන යනවා. මේ විදිහට නාවිකා හමුදාපතිවරු අධිකරණයට ගෙන යාම නරකයි කියලයි එතුමා ඉන් එහාට කතාකරන්නේ නාවික හමුදාපතිවරු ගැන. සියලු මාධ්‍ය වාර්තා කරන්නේ නාවිකා හමුදා එකට එකතු කරනවා හිටපු ආරක්ෂක ලේකම් ගැන කියපු කතාවත් එක්ක. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නේ ඇතිවෙන්නේ.

ඒක අනුව තමයි හිටපු ආරක්ෂක ලේකම්, මහින්ද රාජපක්ෂලා ඔක්කොම චූන් වෙන්නේ. එහෙම එකක් එතුමා කියලා නැහැ.
මේ හමුදාපතිවරු කියන්නේ යුද්ධයට නායකත්වය දුන්න මිනිස්සු. ඒ අය වැරදි කරා නම් අධිකරණයට ගිහින් දඬුවම් දෙන්න. නමුත් ඒ අය අධිකරණයට ගෙන යද්දී යම්කිසි ක්‍රමවේදයක් සැලසිය යුතුයි. ඒ ම්නිස්සු තමයි අද අපිට සුවපහසුවේ ඉන්න යුද්ධය ජයග්‍රහණය කරලා දුන්නේ. එතකොට මේ මිනිස්සුන්ට මෙහෙම සලකන කොට හමුදාව ඇතුලේ මට ප්‍රශනයක් ඇති වෙනවා. පාලකයෙක් වශයෙන් අනික් සිවිල් සංවිධාන, මධ්‍යා වලට නැති ප්‍රශ්නයක් මට තියනවා.

ෆවුසි ඇමතිතුමාව කැඳෙව්වා, එතකොට ඒ ගැන මම දන්නේ නැහැ. ෆව්සි ඇමතිතුමා දන්නෙත් නැහැ. ඇමතිතුමාගෙන් කට උත්තර ගත්තේ කොහොමද, FCID යට පුහුණුවට ආපු පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ළඟ තියාගෙන. ඒ පුහුණුවෙන්න ආපු අය ෆව්සී ඇමතිතුමාගෙන කට උත්තර ගන්නකොට ඒක බලාගෙන කට උත්තර ගන්න විදිහ පුහුණු වෙනවා. මේ රටේ අමාත්‍යවරයෙක්. එතකොට ෆව්සී අමාත්‍යවරයා ව තමයි FCID එකේ අය පෙන්නන්නේ කොහොමද කට උත්තර ගන්නේ කියලා පුහුණු වෙන්න ආව අයට. මොකද්ද වැරැද්ද ෆව්සි අමාත්‍යවරයාගේ ? වාහනයක් අවභාවිතා කරපු එක. ආපදා කලමනාකරණයේ වාහනයක් පාවිච්චි කරපු එක. මේවද වැරදි ? FCID එක පත්කළේ ඔව්වටද ? කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු රාජපක්ෂ පවුලේ අය ලේකම්වරු , එක්කෙනෙක් වත් ගැන හොයන්නේ නැහැ. මෙව්වා තමයි ජනාධිපතිවරයා කියන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනේ ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව කොහොමද මේ වැඩපිළිව ගෙනයන්නේ. තුනෙන් දෙකක් ඕනේ ව්‍යිවස්තා සංශෝධනයට. ඒකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමාට වැදගත්. කව්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ජාතික ආණ්ඩු හදමු කිව්වේ ? ජනාධිපතිතුමාද ? නැහැනේ අගමැති තුමා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්පත්ති ප්‍රකාශය කියවන්න. ඒකෙ තියනවා තුනෙන් දෙකක බලය හම්බ වුනොත් මං පිහිටවන්නේ ජාතික ආණ්ඩුවක් කියලා.

ඩුබායි බැංකු ගිණුම, මේ ඩුබායි බැංකු ගිණුම ඇවිල්ලා කොච්චර කල්ද ? අපි දිනලා සතියෙන් කෝල් එක ආවේ. නම් ගම් ඔක්කොම එක්ක. මේ අය මොනවාද කරේ ? අද වෙනකං මොකුත් නැහැ. රාජපක්ෂවරු, එයාගේ ලේකම්වරු නම් ගම් පිලිබඳ බැංකු විස්තර ආවේ. ගාන කීයද ? අකවුන්ට නම්බර් එක්ක ආවේ. කොහෙද කරේ ?මොනවාද කරේ මේ අය ? තමන්ට ක්‍රෙඩිට් ගහගන්න දිව්වා.

දැන් ජනාධිපතිතුමා කියනවා ඔය අධ්‍යක්ෂ ජනරාල්වරිය ආවා ජනාධිපතිතුමා ලඟට. ඇවිල්ලා ලියුමක් ඉල්ලුවා. කාටද? ඩුබායි රජ්ජුරුවන්ට. මොකටද ? මේ රාජපක්ෂ පවුලේ හා ගිණුම් වල වාර්තා ලබාදෙන්න කියලා. ජනාධිපතිතුමා ඒ ලියුමට අත්සන් කරලා පැයක් යන්න කලින් මහින්ද රාජපක්ෂගෙන් දුරකථන ඇමතුමක් එනවා. මෛත්‍රී, ඔයා මට විරුද්ධව ලියුමක් දුන්නා නේද අර ඩුබායි රජ්ජුරුවන්ට ? ජනාධිපතිතුමාට නැහැයි කියන්න බැහැනේ. ඔන්න ඔහොමයි වෙන්නේ. ජනාධිපතිතුමා හැරෙන්න ඒ සිද්ධිය දන්නේ ඔය අධ්‍යක්ෂක ලේකම්වරියයි, ආව අනිත් කෙනයි. ජනාධිපතිතුමා කිව්වේ නැත්තම් කව්ද ඒක රාජපක්ශවරුන්ට කියන්නේ ? ඔන්න ඔය වගේ ජනාධිපතිතුමාගේ ගොඩාක් දේවල් එලියට කියලා තිබ්බා.

බැසිල් රාජපක්ෂගේ හොරකම්, කොහෙහරි යන සිල්ලර කෙහෙල් මලක් අරං යනවා. බැසිල්ට පයිප වලට නඩු දානවා. ඔව්වද බැසිල් රජාපක්ෂකගේ හොරකම. දැන් අක්කර 18 ඉඩමක් තියනවා, ඒක දැන් වෙන්දේසි කරන්න යනවා. ඕකත් බැසිල් වෙන කෙනෙක් දාලා ආපහු සල්ලිවලට ගයි. එතකොට ශෝක් නේ.
ගන්න ගෝඨාභයගේ නඩුව,
ඕනෑම නීතිඥයයකුකියයි පරදින නඩුවක් කියලා. පරාද වෙන්න තමයි නඩු දාන්නේ මෙයාලා.
හිතාගන්න ජනාධිපතිතුමා කොයිවෙලාවේ වත් ස්වාධින කොමිසම් සභා ගැන කතා කරෙ නැහැ. අල්ලස්කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරලා වරිය සහ කොමිසන් සභාවේ ලේකම්වරු. ඒ අය පත්කරන්නේ ජනාධිපති. ව්‍යිවස්තා දායකයෙන් පත්කරන අය නෙවෙයි ඒ. ඒ අය ස්වාධින කොමිසන් වලට අදාළ නැහැ. ඩුබායි යන්න වියදම් කරපු සල්ලි වාර්තා වල නැහැ. ඒ අකවුන්ට වල තියන සල්ලි අපේ ආණ්ඩුවේ කියපුවහම ඒ රජයේ අය දන්නවද ?
කරන්න ඕනේ මුදල් විසුද්ධිකරන පනත යටතේ දාලා. එතකොට ඒ රටට කව්රුත් සල්ලි දාන්නේ නැති වෙයි.
අනිත් එක ඇවන්ගාර්ඩ් එක. රස පරීක්ෂක වාර්තා ආවා. තුවක්කු එකට එක ඇතිල්ලිලා අංක මැකීලාලු. ඒක මාරු මැකීල්ල. අයිතිකාරයා නැව් අරං ඇවිත් තියෙන්නේ අතුල්ල අතුල්ල. මෙන්න අපේ රසපරීක්ෂක වාර්තා. මෙව්වගේ රසපරීක්ෂක වාර්තා බලුකිස්ථානයේත් නැතුව ඇති.

මෙන්න මේ කලකිරීමෙන් තමයි ජනාධිපතිතුමා කතා කරේ. නැතුව රාජපක්ෂවරුන්ට පක්කාලි කම් කරන්න නෙවෙයි. මේ ආකාරයේ තවත් බොහෝ අක්‍රමිඛතා හා දුෂණ වංචා පිළිබඳව රාජිත සේනාරත්න මහතා ඉතා වේගයෙන් අදහස් ප්‍රකාශ කරන ලදී.

ඊට අදාළ වීඩියෝ පටය පහලින්

LEAVE A REPLY