සිංගප්පූරුව සමඟ වන වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ මෙම මස 18 හා 19 දෙදින තුළ සිංගප්පූරුවේ සංචාරයක යෙදීමට නියමිතය.

මෙම සංචාරය සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගි වන්නේ අගමැතිවරයා විසින් හඳුන්වා දීමට නියමිත නව තනතුරක් වන ‘ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයා’ ලෙසය.

කෙසේ නමුත් මහේන්ද්‍රන් මහතාට මෙම තනතුර ලැබෙන්නෙ ඉදිරි සතියේ දී පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් බැඳුම්කර සම්බන්ධ චෝදනාවෙන් ඔහුට ලබාදෙන තීරණයෙන් පසුව බව පැවසේ.

කෝප් කමිටුව විසින් මහේන්ද්‍රන් මහතාව නිදොස් කරනු ඇති බව අගමැතිවරයාගේ අදහස වී ඇත.

බැඳුම්කර නිකුතුව පෞද්ගලික අංශයට යොමු කරනුයේ අගමැතිවරයා දුන් උපදෙස් මත බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළ බව මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තු ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පෙරේදා (07) ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY