ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිහිවන්නේ 1952 සැප්තැම්බර් මස 02 වෙනි දාය. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඇමතිධූරයක් දැරූ ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිඳුන් එම පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නේ ලක් දෙරණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති ආදරණීය පක්ෂය දායාද කරමිනි.
එවකට ආණ්ඩු පක්ෂයෙන් අමාත්‍යධූරයට ලැබුණු වරප්‍රසාද ද එමටය. සුක විහරණය විඳි රදළ ප්‍රතිපත්ති දැරූ එවකට එක්සත් ජාතික පක්ෂයේ සිටි ධනවාදීන්හට රටේ වැඩකරන ජනතාවගේ දුක් කඳුළු පෙනුනේ නැත. දැනුනේද නැත. ඒ වෙනුවෙන් හඬ නඟන්නට කෙනෙකුද නොවීය. අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ එවකට උස් පුටුවල අසුන් ගත් ඇමතිවරුන් හට ධනය, බලය හා ධනවාධීන් යැයි ලේබල් කරගන්නා මාන්නයන් ඉඩ නොදුන්නා විය හැක.
නමුත් බණ්ඩාරනායකයින් ආණ්ඩු පක්ෂයේ ඇමැතිධූරයෙන් ලැබූ සියළු වරප්‍රසාද, තාන්න මාන්න ඉවතලා දුගී දුප්පත් වැඩකරන ජනතාව වෙනුවෙන් හඬක් නැඟීමට තරම් එඩිතර වුවා සේම සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ සුසංයෝජනයෙන් පක්ෂයට ජීවය දෙන්නේ ලක්දෙරණේ උරුමය සතුව ඉපදුන, මතු ඉපදෙන උරුමක්කාරයින්ට උස් පහත් භේදයකින් තොරව රටට දැයට සේවයක් කිරීමට දොරගුළු විවර කරමිනි.
මෙසේ බිහිවූ පංච මහා බලවේගයේ ආදරණීය පක්ෂය, බණ්ඩාරනායකයින්ගේ එදා සිතුවිල්ල හා එකම පැතුම සාක්ෂාත් කර ඇත්තේ නොබෝ දිනකින් 65 වන වර්ෂ පූර්ණ සැමරුම සමරන දවස වනවිට සියළු බල තණ්හා අත්හල, කුල ආගම් ජාති භේද අත්හල ගොවි දරුවෙකු පක්ෂයේත් ලක්දෙරණේත් භාර කරු කරමිනි.
පක්ෂ නායකත්වය වටා, පක්ෂය වටා පංච මහා බලවේගයෙන් සැදුම්ලත් සුපිරිසිදු බලවේගයන් එකතු වෙමින් ආදරණීය පක්ෂයටත් ලක්දෙරණේ මතු අනාගතයටත් සුභාශිංසන එක් කරන්නේ එදා මෙන් අදත් පක්ෂ නායකත්වයේ පිවිතුරු සිතුම් පැතුම් චේතනාවන් ඉතා මුළු ලොවටම කියාපාමිනි.
65 වන සංවත්සරයේ දොරකඩ හිඳිනා ආදරණීය පක්ෂයේ ඇරඹුම අදට නෑකම් කියන්නේ එලෙසිනි….

LEAVE A REPLY