දහම් දුන් පොරොන්දු ඉටු කරමින් සතියක් ඇතුලත දෙව්මිණි දැරියගේ නව නිවෙසට මුල් ගල තබයි..! (Photos)

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව රුදුරු ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය බ්‍රහස්පතින්දා (14) දහම් සිරිසේන මහතා එම ප්‍රදේශයට ගිය අතර, එහිදී පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු...

සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට හානිවූ හැටි CCTV වලින් බලන හැටි

සරසවි සිසුන් ඊයේ (21) කළ උද්ඝෝෂණයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට සිදු වූ අලාභය පිළිබඳ  තක්සේරු කිරීම මේ වන විට ආරම්භ වී තිඛෙනවා. සී සී ටී වී කැමරාවල සමීප ඡායාරූප ද මෙහිදී සැලකිල්ලට ගන්නා  බවයි පොලිසිය පවසන්නේ. උද්ඝෝෂකයින් පිරිසක් අමාත්‍යංශ පරිශ්‍රය තුළට නීති විරෝධීව ඇතුළු වී වාහනවලට සහ එහි අනෙක් දේපළවලට අලාභ සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස දේපළවලට අලාභ සිදු කළ...

ගුරු හිඟය පියවීමට ජනපතිගේ විශේෂ අවධානය!

දීප ව්‍යාප්ත පාසල්වල පවතින ගුරු හිඟය පියවීම සදහා ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම හා ගුරු මාරු වීම් වලදී ස්වාධීන ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ. පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පළාත් ප්‍රධාන අමාත්‍යවරු සමඟ පැවති සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පළාත් වශයෙන් පවතින ගුරු හිඟයට විසදුම් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්කර තිබෙන අතර...

දුම්රිය ධාවනයට බාධා කළොත් නීතිය ක්‍රියාත්මකයි

දුම්රිය ධාවනයට බාධා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ. දුම්රිය රියදුරු සහායකවරුන්ගේ සංගමය ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. එම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් සිදුව නොමැති බව දුම්රිය රියදුරන් පෙන්වා දෙයි. එහෙත් දුම්රිය ධාවන කටයුතු වලට ඇතැම් පිරිස් බාධා එල්ල කරන...

පොලීසිය-අන්තරේ ගැටුම අතරේ සිවුරේ ගෞරවය රැකගත් පොලීසියේ මනුෂ්‍යත්වය!

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි පැවැත්වූ විරෝධතාවක් අතරතුර විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමග පොලිසිය සිසුන්ට ඊයේ (21) ජල සහ බැටන් ප්‍රහාර එල්ල කළා. එහිදී තුවාල ලැබූ සිසුන් 84 දෙනෙකු ජාතික රෝහලට යොමු කෙරුණු අතර එක් සිසුවෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අමාත්‍යංශ ගොඩ නගිල්ලට හොරෙන් ඇතුල්වූ අන්තරේ සිසුන් පසුව කලහා කාරී ලෙස හැසිරීම නිසා ඔවුන්ව ඉවත්කිරීමට පොලිසියට හා...

සයිටම් සටනේ ගැටුමෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කළේ නැහැලු

සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති...

BREAKING NEWS : හෙට රටපුරා සිටින ත්‍රස්තවාදි කල්ලියක් වර්ජනයක්!

හෙට (22) උදෑසන 8 සිට දිවයින පුරා රජයේ රෝහල් වල හදිසි වෛද්‍ය වැඩ වර්ජනයක් කැදවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. අද(21) විශ්ව විද්‍යාල සිසුන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළ වලට හානිකිරීම සහ එම පරිශ්‍රයේ නීති විරෝධීව රැදී සිටිම වළක්වාලීම සදහා පොලීසියට මැදිහත්වීමට සිදුවු අතර එහිදි කළහකාරී ලෙස හැසිරුණු සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගතකිරීමට සිදුවී තිබේ. මෙය මහා ජන සංහාරයක් බවට හඬ...

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ දායකත්වයෙන් බදුල්ල මුස්ලිම් ප්‍රජාව වෙත  අති  උත්කර්ශවත් ඉෆ්තාර් උත්සවයක්

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබද ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ පූර්ණ දායකත්වයෙන් හා මගපෙන්වීම යටතේ බදුල්ල සසෙක්ස්(sussex) ක්‍රීඩා සමාජයේ ප්‍රධානී මෙවර බදුල්ල මහ නගර සභා අපේක්ෂක  මොහොමඩ් හිෂාම් මහතා ඇතුලු මුස්ලිම් තරුණ කැල විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවය  2017.06.20  දින බදුල්ල ymma සම්මන්ත්‍රණ පරිශයේදී ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් අති සාර්ථක...

සෑම ආයතනයකම කැළිකසළ කළමනාකරණය හා ඩෙංගු මර්දන ඒකකයක් පිහිටුවන්න – ජනපති

සෑම ආයතනයකම කැළිකසළ කළමනාකරණය හා ඩෙංගු මර්දන ඒකකයක් පිහිටුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික්ක පරිසර සමුළුව අමතමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේද කීය….. මේ ඒකකයට පත්වන අය වැඩකරන දින පහේදී අඩුම වශයෙන් පැය භාගයක් වත් රැස්වී ආයතනයේ පිරිසිදුකම, ඩෙංගු මදුරු මර්දනයට ඉවහල්වන ක්‍රියාකාර...

සංහිඳියාවට එරෙහි ප්‍රකාශ : රිෂාඩ්, සිවාජිලිංගම් ගැන පරීක්ෂණ

ජාතින් හා ආගම් අතර සංහිඳියාව බිඳ දැමීමේ ප්‍රකාශ කළ බවට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් ලද පැමිණිලි 21ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකවන බව පොලිසිය පවසයි. බදාදා (ජුනි 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ මාධ්‍යයට කර ඇති අදාළ ප්‍රකාශවලට...