උද්ඝෝෂණයක් අතරතුර තුවාල ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා රෝහල් ගත කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ උද්ඝෝෂණය අතරතුර මෙම අනතුර සිදුව ඇති බව ය.

මහ බැංකු අධිපතිවරයාට එරෙහිව සහ වැට් බදු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවැත්වේ.

කොටුව ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක තල්ලු කරමින් හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉදිරියට යාමට තැත් කිරීමේදී එම බාධකය ඔහුගේ සිරුර මතට වැටීමෙන් තුවාල ලැබූ බව අබේගුණවර්ධන මහතාගේ ආරක්ෂක අංශය පැවසී ය.

Video – Adaderana

 

 

LEAVE A REPLY