ඊයේ දිනයේ රජයේ වෛද්‍යවරුන් ආරම්භ කල වැඩ වර්ජනය අද දිනටත් පවත්වන අතර රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පවසන්නේ මෙම වර්ජයනය සිදු කරන්නේ සයිටම් ගැටලුවේදී සෞක්‍ය අමාත්‍යංශයට කඩා වැදී එයට අලාභහානි සිදුකල විශ්ව විද්‍යාල සිසුන් ඉන් ඉවත් කිරීමට රජය පියවර ගැනීම හේතුවෙනුයි.

ඔවුන්ගේ ගැටළු කෙසේ වෙතත් අප මෙහිදී පෙන්වා දෙන්නේ අහිංසක අසරණ ජනතාව අපහසුතාවයට පත් කිරීම නිවැරදි නොවන බවයි.
වෛද්‍යවරුන් තම අවශ්‍යතා සපුරා සපුරා ගැනීමට රෝගීන්ගේ ජිවිත ප්‍රාණ ඇපයට ගැනීම කොතරම් සාධාරණද බදු ගෙවමින් ඔවුන්ව වෛද්‍යවරුන් කිරීම දුක් මහන්සි වූ අසරණ ජනතාවට මෙසේ කිරීමට තරම් ඔවුන්ට හෘද සාක්ෂියක් නොමැතිද?

මිහිපිට දෙවිවරුන් ලෙස ජනතාව හැඳින්වූ වෛද්‍යවරුන් ඔවුන් විසින්ම පාච්චල් තත්වයකට දමාගෙන ඇත්තේ දේශපාලනය හා තම පෞද්ගලික අවශ්‍යතා ඉතා නිර්ලජ්ජිත ලෙස ලබා ගැනීමට යාම නිසාය.

ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් වෛද්‍යවරුන් වෙත පහර දීම දක්වා ඔවුන් කුපිත දිනක වෛද්‍යවරුන්ගේ මෙම සෙල්ලම නොනවතිනු ඇත. උතුම් වෛද්‍ය වෘත්තීය මේ තත්වයට අද දැමීමට සෘජුවම GMOA වගකිව යුතුය.