මහබැංකු අධිපතිවරයා පත් කිරීම පිලිබඳ මහා ආන්දෝලනයක් මේ වන විට පවතියි.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අන්දමට සත්‍ය සිදුවීම නම්,

ජනාධිපතිතුමන් විසින් ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්යවරුන් දෙදෙනෙකු වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම් නිර්දේශ කර ඇති අතර එය ඊයේ ජනාදිපති තුමා බදුල්ලට යාමට ප්‍රථම සිදුකර ඇති බව සදහන්වෙයි.

එයින් කලබලයට පත් අගමැති පාර්ශවය මහබැංකු අධිපති ධූරය සඳහා චරිත රත්වත්තේ මහතාගේ නම යෝජනා කර ඇත.

ජනාදිපතී වරයා විසින් එම යෝජනාවට එකගත්වය පල නොකර අතර කෙසේවෙතත් අගමැති පාර්ශවය ජනදිපතිවරයාගෙන් කල් ඉල්ලා ඇති අතර අගමැති පාර්ශවය ඊයේ දිනයවනවිටත් නැවත වතාවක් අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පරීක්ෂණයෙන් පසු යලි  පත්කිරීම සදහා නිරන්තර උත්සාහයක යෙදී ඇතිබව සදහන්කරයි.

එයටද ජනදිපතිවරයා එකගවී නැත.

මෙම මත වාද හේතු කොටගෙන මහා බැංකු අධිපතිවරයා පත් කිරීම බොහෝ විට අද දින සිදු නොවුනහොත්  ලබන සඳුදා දිනය දක්වා  කල් යා හැක. තවත් විශේෂ ප්‍රවුර්ති බලාපොරොත්තු වන්න

LEAVE A REPLY