ආණ්ඩුවට එරෙහිව නුවර සිට පැමිණි එකා-බද්ධ විපක්ශයේ පාද යාත්‍රාවේ අවසන් දින වන අද දින කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති රැළිය සඳහා පිට්ටනියක් නොමැති වීම නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දුරකථනයෙන් කතා කොට පිට්ටනියක් ලබා දෙන ලෙස බැගෑපත් වී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් මාර්ගයෙන් ජනාධිපතිවරායෙන්ද මේ සඳහා ඉල්ලීම් ලැබී තිබෙන අතර ඒ සඳහා මෛත්‍රී ජනාධිපතිතුමාගෙන් කිසිඳු බුරුලක් නොලැබී තිබෙන හෙයින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් මහින්ද රාජපක්ෂ මෙලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පාද යාත්‍රාව පිළිබදව මහජනයා විවිධ අදහස් පලකරනු ලබනු අතර ඉතාමත් අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් ගමන් ගන්නා මොවුන් පිලිබඳව පිලිකුල් වී ඇත.