හෙට (22) උදෑසන 8 සිට දිවයින පුරා රජයේ රෝහල් වල හදිසි වෛද්‍ය වැඩ වර්ජනයක් කැදවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද(21) විශ්ව විද්‍යාල සිසුන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළ වලට හානිකිරීම සහ එම පරිශ්‍රයේ නීති විරෝධීව රැදී සිටිම වළක්වාලීම සදහා පොලීසියට මැදිහත්වීමට සිදුවු අතර එහිදි කළහකාරී ලෙස හැසිරුණු සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගතකිරීමට සිදුවී තිබේ.

මෙය මහා ජන සංහාරයක් බවට හඬ නගමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් මෙම අත්තනෝමතික වැඩ වර්ජනය කැඳවා ඇති බව වාර්තා වී තිබේ.