හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අද(01) පස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

මහබැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය ඊයේ(30) අවසන් වීමත් සමග නව අධිපතිවරයෙකු පත් කර ගැනීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් ලබන 07 වැනිදා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත අතර විදෙස් ගත වූ ඔහු නැවත ලංකාවට පැමිණෙන දිනයක් සඳහන් කර නැත.

මේ අතර මහබැංකු නව අධිපතිවරයෙකු පත්කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මුදල් අමාත්‍යවරයා මේ දිනවල ජපානයේ නිල සංචාරයක නිරතව අතර ඔහු ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මහබැංකු අධිපතිවරයෙකු පත්කිරීමේදී මුදල් මණ්ඩල පනතට අනූව මුදල් ඇමතිවරයාගේ ද නිර්දේශ  සැලකිල්ලට ගැනීමට නියමිත බැවින් මුදල් අමාත්‍යවරයා පැමිණෙන තුරු නව නිලධාරියකු එම තනතුරට පත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY