සී.එස්.එන්. ආයතනයට මෙරට තුළ භෞමික රූපවාහිනි විකාශන මධ්‍යස්ථානයක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා ලබා දී ඇති විකාශන බලපත්‍රය අවලංගු කර තිබේ.

විකාශන බලපත්‍රයේ වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් ජනාමාධ්‍ය ප්‍රවෘත්ති අමාත්‍යංශය  විසින් බලපත්‍ර අහෝසි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනමාධ්‍ය  අමාත්‍යංශය මගින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව අදාළ විකාශන බලපත්‍රය අවලංගු කර ඇති බව සී.එස්.එන්. ආයතනයට ලිපියක් මගින් දැනුම්දී ඇති  බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කළේය.

2011 වසරේ මාර්තු මස තුන් වන දින එම ආයතනයට විකාශන බලපත්‍රයක් නිකුත් කර තිබුණි.

එම බලපත්‍රයේ 3 , 11 සහ 14 යන වගන්ති අදාළ ආයතනය මගින් උල්ලංඝණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමසීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සම්බන්ධ කරගැනීමට අද දෙරණ කළ උත්සාහය සාර්ථක වුයේ නැත.

මේ අතර සි.එස්.එන්.ආයතනයේ සභාපති රොහාන් වැලිවිට මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ තීරණය සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් ඊයේ පස්වරුව වන විට තමාට හෝ තම අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබී නොතිබූ බවයි.

LEAVE A REPLY