පාර්ලිමේන්තු ලොබියේදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතැයි වාර්තා වනවා.

මීට හේතුවී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නවතා තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් අද (21) උදෑසන රාමනායක මහතා විසින් කරන ලද හෙළිදරව්වකි.

මෙම ඩිෆෙන්ඩර් රථය, ගිණි තැබීමක් ඇතුළු ප්‍ර‍චණ්ඩ ක්‍රියා කිහිපයකට අදාල නඩු කිහිපයකට අවශ්‍ය සැක කටයුතු රියක් බවයි රංජන් රාමනායක මහතා පවසන්නෙ.

පාර්ලිමේන්තු ලොබියේදී ඇතිවූ මෙම ගැටුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මැදිහත්වී සමනය කර තිබෙනවා.