පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ වත්මන් නිල කාලය අවසන් වීමෙන් පසු එහි නිල කාලය නැවත දීර්ඝ කෙරෙනු ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශනයට වැඩි බලතල සහිත වෙනත් ආයතනයක් පිහිටුවන තෙක් මෙම පොලිස් කොට්ඨාසය කි‍්‍රයාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මහා පරිමාන මූල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහා වෙනමම පරීක්ෂණ ආයතනයක් ඇති කරන බව ජනවාරි 08 වැනිදා වූ පොරොන්දු පත්‍රයේ සඳහන් කර තිබූ බවත් පැවසුවා. ඒ සඳහා වූ ආයතනයක් ලෙස FCID ය පිහිටවූ බවත් එය අවසාන ආයතනය නොවන බවත් ඊට වඩා පුළුල් ආයතනයක් ඇති කරන තෙක් මෙය ක්‍රියාත්මක වෙන බවත් සඳහන් කළා.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම කරුණු දැක්වූයේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

 

LEAVE A REPLY