රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අනිසි බලපෑම්ක් එල්ල කරන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ සිසුන්ට ඉහළ පෙළේ පාසල්වලට ඇතුළත් වීමට ප්‍රමුඛතාව ලබාදීමෙන් තවත් බොහෝ පිරිසකට එම අවස්ථාව අහිමි වන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දෙන පාසල් පිළිනොගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළඹෙන එකඟතාව කුමක්දැයි රටට හෙළි කළ යුතු බව ද ඔහු සඳහන් කළේය

 

 

LEAVE A REPLY