මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනුකර ඇති පෙත්සමකට මැදිහත් වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව සිදුකළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් අද (05) ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ‍ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 13 දෙනෙකු එම ඉල්ලීම කර තිබුණි.

කෙසේ වෙතත් ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා  ඊට අවසර ලබාදිය නොහැකි යැයි පැවසූ බව අප වාර්තාකරු සඳහන් කළේය.