බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි නම් ආපනශාලාවේ ප්‍රාණ ඇපයට තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගෙන තිබෙනවා.
බංග්ලාදේශයේ වැඩ බලන මහකොමසාරිස් සේසත් තාබුගල මහත්මිය www.andaharaya.com වෙත ඒ බව තහවුරු කළා.

ලාංකිකයන් දෙදෙනෙක් අයි.එස්. ප්‍රාණ ඇපයේ(UPDATE)

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි නම් ආපනශාලාවේ ප්‍රාණ ඇපයට තබා ගෙන සිටින බව බංග්ලාදේශයේ වැඩ බලන මහකොමසාරිස් සේසත් තාබුගල මහත්මිය පවසනවා.
රාජ්‍ය තාන්ත‍්‍රිකයින් වෙසෙන මෙම ප‍්‍රදේශයේ ආපනශාලාවක පොලිසිය සහ සන්නද්ධ කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු මෙහිදී මියගොස් තිබෙනවා.
මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබෙනවා.

 

90194913_033833237