මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් දිවයින පුරා අත් පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පවසයි.

එම වැඩසටහනේ පළමු අදියර අද(07) පස්වරු 4.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරන බව එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් රටේ දරුවන්ට කුසලතාවය මත වෛද්‍ය වෘත්තීයට පිවිසීමට ඇති අයිතිය උල්ලංඝණය කරන බවට ඔහු චෝදනා කරයි.

සුදුසුකම් නොමැති වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීමෙන් මහජනතාවගේ ජීවිත අවදානමකට ලක් කරන බව වෛද්‍ය ජයන්ත බන්ඩාර මහතා පවසයි.

LEAVE A REPLY