ලංකාවේ දැවැන්තම පාපැදි සවාරිය එනම් SLT SpeedUp සවාරියේ අවසන් දිනය අදයි.

පුරා දින 5ක් පුරා ක්‍රියාත්මක වන මෙම පාපැදි තරඟයේ අද තරඟය අනුරාධපුර සිට මරදන්කඩවල, හබරණ, ගිරිතලේ, පොලොන්නරුව. මනම්පිටිය, වාලච්චේන, චෙන්කලානි හරහා මඩකලපුවෙන් අවසන් වීමට නියමිතයි. ජුලි 27 වන දින ආරම්භ වූ මෙම දැවැන්ත බයිසිකල් තරඟාවලිය කොළඹින් ආරම්භවී පානදුර, මාතර, ඇඹිලිපිටිය, රත්නපුර, අවිස්සාවේල්ල, පේරාදෙණිය, මහනුවර, කුරුණෑගල පහුකරමින් දැන් අනුරාධපුරයෙන් ඊයේ දින අවසන් කල අතර.අවසන් දින වන අද දින මේ වෙන විට අනුරාධපුරයේ සිට පොලොන්නරුව හරහා මඩකලපුව දක්වා පැමිණෙමින් පවතී..

මෙම තරඟාවලිය සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ ක්‍රීඩිකන් සහභාගී වීම විශේෂත්වයකි. තරඟයේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් මිලියනයක් ද, තරඟය නරඹන්න ටද තෑගී බෝග ලබාදෙමින් මෙම පාපැදි සවාරියේ රුපියල් මිලියන තුනකට ආසන්න දැවැන්ත තෑගී කන්දරාවක් Sri Lanka Telecom ආයතනය විසින් බෙදාදීමට කටයුතු කර ඇත.

තවද මෙම බයිසිකල් තරඟාවලිය අවසන් වීමෙන් පසුව දැවැන්ත සංගීත ප්‍රසංගයක්ද සංවිධානයක කර ඇත.මෑත යුගයේ පැවැත්වූ ඇති දැවැන්තම පාපැදි සවාරිය ලෙස මෙය ඉතිහාසගත වනු නොවනු මානය.

 

13895353_1274278089249597_7121582452919237092_n 13901491_1274278099249596_1835253330023521374_n 13872648_1274277672582972_7872980404065313109_n 13886312_1274276035916469_9015621783347100328_n 13872801_1274276602583079_3009179620539882727_n

LEAVE A REPLY